කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාතට පැනවූ ඇඳරි නීතිය යළි පැනවීමේ වේලාව දීර්ඝ කෙරේ

31

කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාතට පනවා තිබූ ඇඳිරි නීතිය අද(24) පෙරවරු 6ට ඉවත් කෙරුණා.
මින් පෙර තීරණය කර තිබුණේ එම ප්‍රදේශවලට අද මධ්‍යහ්න 12ට යළි ඇඳිරි නීතිය යළි පැනවීමටයි.
එහෙත් එම කාලය පස්වරු දෙක දක්වා දීර්ඝ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව අද පස්වරු 2ට යළි පනවන ඇඳිරී නීතිතය එළැඹෙන සිකුරාදා පෙරවරු 6 දක්වා ක්‍රියාත්මකයි.

එසේම අනවශ්‍ය ලෙස ඒකාරාශී වීමකින් තොරව අවශ්‍ය භාණ්ඩ කලබලයකින් තොරව මිලදී ගැනීමට කටයුතු කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පැමිණෙන පාරිභෝගිකයින්ට උපරිම සහාය ලබාදෙන ලෙසට රජය අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් හිමියන්ගෙන්ද රජය ඉල්ලා සිටිනවා.

Your Comments