කොළඹ ආරක්ෂක සමුළුවේ අවසන් දිනය අදයි

15

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධාන කරන කොළඹ ආරක්ෂක සමුළුවේ දෙවන හා අවසන් දිනය අදයි.

“සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය” තේමාව යටතේයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ඊයේ පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වුණා.

ඒ, ලොවපුරා වූ ආරක්ෂාව හා සබැඳි පාර්ශ්වකරුවන්, විද්වතුන් සහ ආරක්ෂක විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන්.

විද්වත් කතිකාවේ දී කොළඹ ආරක්ෂක සමුළුව සඳහා විදේශීය විද්වතුන් 13 දෙනෙකු සහ දේශීය විද්වතුන් 12 දෙනෙකු ඇතුළුව නියෝජිතයන් 800ක පමණ පිරිසක් සහභාගි වී සිටින බව සදහන්.

වත්මන් ආරක්ෂක භූමිකාව, ගැටුම් හෝ සහයෝගිතාවය, ත්‍රස්තවාදය සමඟ සටන් කිරීම, වත්මන් ආරක්ෂක භූමිකාව තුළ හමුදා සූදානම් කිරීම යන උප මාතෘකා මෙම සමුළුවේ දී සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇති.

Your Comments