කොළඹින් වැලිමඩ යැවෙන නිල් චිත්‍රපට [PHOTOs]

29

අසභ්‍යය දර්ශන සහිත සංයුක්ත තැටි තොගයක් සමග සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින්.

කොළඹ සිට හැටන් හරහා වැලිමඩ දක්වා අසභ්‍යය දර්ශන සහිත සංයුක්ත තැටි (නිල් චිත්‍රපට) තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකුයි හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අත්අඩංගුවට ගෙන ඇත්තේ.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ සිදු කල හදිසි පරික්ෂාවකදි කොළඹ සිට වැලිමඩ බලා ධාවනය කළ මොටර් රථයක අසභ්‍යය දර්ශන සහිත නිල් චිත්‍රපට සංයුක්ත තැටි 1550ක් තිබූ බවයි නිලධාරින් සඳහන් කළේ.

45 හැවිරිදි සැකකරු වැලිමඩ ඇතුළු ප්‍රධාන නගර කිහිපයකම සංයුක්ත තැටි අලෙවි කරන වෙලදසැල්වලට අසභ්‍යය නිල් චිත්‍රපටි සහිත සංයුක්ත තැටි අලෙවි කිරිමේ ජාවරමේ නිතරව සිටින අයෙකු බවයි අනාවරණය වි ඇත්තේ.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

Your Comments