කොස්ගොඩ සුජීගේ සමීපතමයෙක් අත්අඩංගුවට

43

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජී නමැත්තා සමඟ විවිධ අපරාධ ක්‍රියාවන්වලට සම්බන්ධ වූ බව කියන පුද්ගලයෙකු අහුංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අහුංගල්ල වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදීයි.
සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම්700ක් ද සොයාගෙන ඇති බව සඳහන්.
ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදී සැකකරුට අයත් කොස්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී විදෙස් රටක නිෂ්පාදිත නීති විරෝධි වායු රයිෆලයක් සොයාගෙන තිබෙනවා.

Your Comments