කොවිල් දෙකක් කඩා දෙවියන්ට පලදවා තිබු රන් ආභරණ සහ පින් කැටවල තිබු මුදල් සොරා අරන්
රංජිත් රාජපක්ෂ - හැටන්

17

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතු යායේ මැද කොටසේ පිහිටි හින්දු කොවිල් දෙකක් කඩා දේව රුපවලට පළඳවා තිබු රන් ආභරණ සහ පින් කැටයේ තිබූ මුදල් සොරාගෙන ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

අද (27) අලුයම මෙම කොවිල් දෙකේ ඉදිරිපස දොරටුව කඩා කොවිල තුලට පිවිස මෙම සොරකම සිදු කර ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පවසන්නේ.

කොවිල් දෙකේම දොරවල් අලුයම විවෘත කර තිබෙන බව වතු කම්කරුවෙකු දැක ඒ පිලිබදව එම කොවිල භාර පුජකවරයාට දැනුම්දිමෙන් අනතුරුව පුජකවරයා විසින් ඒ පිලිබදව බගවන්තලාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සොරකම සම්බන්ධයෙන් බගවන්තලාව පොලසිය පරික්ෂණ පවත්වනවා.

Your Comments