කොවිඩ් – 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19ක් රෝහල් වලින් පිටව යයි – සුව වූ මුළු ගණන 332ක්

13

කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (25) වන දින එම රෝහල් වෙතින් මුදා හැර ඇති බව නාවික හමුදාව පවසනවා.

මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 09 දෙනෙකු නාවික මහ රෝහලින්ද, 07 දෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද, දෙදෙනෙකු (02) අයිඩීඑච් රෝහලින්ද, තවත් නාවික හමුදා පුද්ගලයෙකු (01) හෝමාගම රෝහලින්ද ප්‍රතිකාර ලබා ගෙන ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල PCR පරීක්‍ෂණයන්හි ප්‍රතිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස ඊයේ (25) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

මෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 332ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

Your Comments