කොලොන්නාව නගරසභාව ඉදිරිපිට විරෝධයක්

4

කොළොන්නාව නගර සභාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බවට චෝදනා කරමින් ඊට විරෝධය පා එම නගර සභාව ඉදිරිපිට ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණා.
එම විරෝධතාවයට නව සිංහලේ ජාතික සංවිධානය ඇතුළු තවත් සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසීන් එක්ව සිටි බවයි වාර්තා වුණේ.
කේරළ ගංජා සමග කොළොන්නාව නගර සභාවේ සේවකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු විසින් නගර සභාවට අනුයුක්තව සේවය කරන කම්කරුවන්ට අලෙවි කිරිම සදහා ඒවා ගෙනවිත් ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වුණේ.
කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් අද විරෝධතාවයට එක්වෙමින් සඳහන් කළේ නගර සභාවේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමට පියවර ගත යුතු බවයි.

Your Comments