කොරෝනා වැළඳී සුව වූ චීන කත අද මුදා හරී

11

නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ආසාදනයවූ බවට මෙරටදී තහවුරුකරගත් චීන ජාතික කාන්තාව අද පෙරවරුවේ අයි ඩි එච් උණ රෝහලෙන් මුදා හැරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඇය ජනවාරි 25 වනදා අයි ඩී එච් රෝහලට ඇතුළත් කර තිබූ අතර කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු කරගෙන තිබුණේ ජනවාරි 27 වනදායි.
ප්‍රතිකාර කිරීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණවල ප්‍රථීඵල යහපත්වීම හමුවේ මෙම චීන ජාතික කාන්තාව අද රෝහලෙන් මුදා හැරීමට නියමිතයි.
ඇයගේ ජෛව සාම්පල කිහිපයක් හොංකොං රාජ්‍යය වෙතද යවා තිබුණා.
මේ අතර කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරසයේ රෝගී ලක්ෂණ බවට සැකකරන රෝගීන් දෙදෙනෙකු පමණක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ජාතික වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ මහනුවර ජාතික රෝහල සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ එම රෝගීන් දෙදෙනා ප්‍රතිකාර ලබන බවයි.

Your Comments