කොරෝනා මරණ 2, 400 ඉක්මවයි

20

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට සිදුව ඇති පුද්ගල මරණ 2,467ක් බව වාර්තා වනවා.
වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලියේ සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමඟ නවතා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.
චීනයේ වුහාන් නඟරයෙන් ව්‍යාප්තවීම ආරම්භ වූ නව කොරෝනා වෛරසය මේ වන විට යුරෝපය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.
යුරෝපයේ වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්වෙමින් ඉතාලියෙන් ආසාදිතයින් 150කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා.
එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව තුනක්.
වෛරස ව්‍යාප්තිය හමුවේ මිලාන් සහ වැනිස් නගරවලට ආසන්නව පිහිටා ඇති උතුරුදිග ප්‍රදේශ දෙකක් නිරෝධායනයට ලක්කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 50,000 කට ආසන්න පිරිසකට විශේෂ අවසරයකින් තොරව ඉදිරි සති දෙක තුළ වෙනෙටෝ සහ ලොම්බාර්ඩි ප්‍රදේශවල නගර කිහිපයකට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හැකියාව හිමිවන්නේ නැහැ.

Your Comments