කොරෝනා නිසා දියතලාවේ රඳවා සිටි 33 දෙනා ඉන් පිටව යයි

17

චීනයේ වූහාන් හි සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රි ලාංකිකයින් 33දෙනා යුද හමුදා මූලස්ථානය වෙත පිටත්ව ගොස් තිබෙනවා.

යුද හමුදාවේ මැදිහත් වීමෙන් එම පිරිස රැගත් බස් රථය පෙරවරු 10ට පමණ දියතලාව හමුදා කඳවුරෙන් පිටත්ව ගිය බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

ඔවුන් අකුරේගොඩ, යුධ හමුදා මූලස්ථානය වෙත පැමිණීමට නියමිතයි.

එහිදී ඔවුන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමෙන් අනතුරුව සිය නිවෙස් වෙත පිටත්ව යනු ඇති.

චීනයේ වූහාන් නගරයේ රැඳී සිටි මෙම ශ්‍රි ලාංකිකයින් 33 දෙනා නව කොරෝනා වෛරස හේතුවෙන් දිවයිනට රැගෙන එනු ලැබුවේ පසුගිය පළමුවනදායි.

අනතුරුව නිරෝධායන ක්‍රියාවලියක් සඳහා ඔවුන් දියතලාව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත කෙරුණු විශේෂිත මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.

එහිදී ඔවුන් සියලු පහසුකම් යටතේ දින 14ක කාලයක් රඳවා තබා ගැනීමටයි පියවර ගැනුණේ.

Your Comments