කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1683 දක්වා ඉහළට

16

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1683 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් කොරෝනා රෝගින් 27 දෙනෙකු හමු වීමත් සමගයි.
මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 849ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 823ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11ක්.
එසේම කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත පුද්ගලයන් 84 දෙනෙක් රෝහල්ගතව වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

Your Comments