කොත්මලේ 18ක් අත්අඩංගුවට (PHOTOs)

55

කොත්මලේ බ්ලුම්ෆිල්ඩ් වතු යායේ කම්කරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වතු කළමනාකරුවන් දෙදෙනෙකුට පහරදී දේපළ රැසකට හානි කිරීමක් සම්බන්ධයෙන්.

වතු කම්කරුවන් පිරිසක් විසින් එම වතු කළමනාකරුවන් හා ඔවුන්ගේ දෙපල වලට ඊයේ රාත්‍රියේ (5) පහර දී ඇති බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.

පහරදීමෙන් වතු පාලන අධිකාරියේ සිව් දෙනෙකුට තුවාල සිදුව ඇති බවත් ඉන් දෙදෙනෙකු ගම්පොල මූලික රෝහලට ඇතුලත්කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් කොත්මලේ පොලිසිය සඳහන් කළා.

තේ වත්තේ කම්කරුවන්ට ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල් මාසිකව ඔවුන්ගේ ගිණුම් වලට බැර නොකරන බවට චෝදනා කරමින් කම්කරුවන් ඊයේ දහවල් විරෝධතාවක නිරත වුණා.

එම සිද්ධිය මුල්කර ගනිමින් රාත්‍රියේ කම්කරුවන් පිරිසක් වෘත්තිය සමිති නායකයින් පිරිසක් සමග එක්ව පහරදිම සිදුකර ඇති බවයි වතු පාලකයන් පවසන්නේ.

කළමණාකරුවන්ගේ බංගලා දෙකකට,මොටර් රථයකට හා ජිප් රථයකට මෙන්ම තේ කර්මාන්තශාලාවේ ගොඩනැගිලි වලටත් පහර දී ලක්ෂ 15ක පමණ මුදල් ද පැහැරගෙන ගොස් ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

ඒ අනුවයි සැකපිට 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වත්ත ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය යොදවා තිබෙනවා.

(G.K. ක්‍රිශාන්තන්)

Your Comments