කොඩිකාමම් පොලිසියේ ජිප් රථයක් උස්සපු සැකකරුවන් හතරක් අත්අඩංගුවට
මාධව කුලසූරිය -  වවුනියාව

18

යාපනය, කොඩිකාමම් පොලිසියට අයත්ව තිබු ජිප් රථයක් පැහැරගත් සැකකරුවන් පිරිසක් අදාළ ජිප් රථය සමඟින්  ඊයේ (11) රාත්‍රි‍යේදීම අත්අඩංගුවට ගත් බව යාපනය කොඩිකාමම් පොලිසිය පවසනවා.

කොඩිකාමම් පොලිසිය පැවසූවේ කොඩිකාමම්, කච්චායි, පාලවි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ගොස් ජිප් රථය නවතා තිබියදී කණ්ඩායමක් ජිප් රථය පැහැර ගැනීම සිදුකොට ඇති බවයි.

එහිදි ක්‍රියාත්මක වු පොලිස් නිළධාරීන් ජිප් රථය හඹා ගොස් සැකකරුවන් හා ජිප් රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ අවස්ථාවේ සැකකරුවෙකු හා ජිප් රථය අත්අඩංගුවට ගත් අතර, අනතුරුව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන බවයි පොලිසිය කියා සිටියේ.

පොලිසිය වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය අවස්ථාවේ ජාවාරමට සම්බන්ධ පිරිසක් ජිප් රථය රැගෙන පළාගොස් ඇති බවට යාපනය ආරක්ෂක අංශ පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Your Comments