කොටකෙතෙන මව සහ දියණිය ඝාතනයේ දෙවන විත්තිකාරිය වසර 06කට පසු නිදහස් වෙයි

34

කහවත්ත – කොටකෙතන ප්‍රදේශයේදී 52 හැවිරිදි මවක සහ 17 හැවිරිදි දියණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර 06කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දෙවන විත්තිකාරිය වන අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි නැමති කාන්තාව චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය අද නියෝග කළා.

ඒ විත්තිකාරියට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන්

පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද අවසන් කෙරුණු අතර ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගනිමිනුයි මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මෙම නියෝගය සිදු කළේ.

කෙසේ වෙතත් මෙම නඩුවේ පළමු විත්තිකරු වන ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තාට එරෙහිව නොවැම්බර් මස 01 වනදා අදාළ නඩුව යළි විභාග කරන බවද විනිසුරුවරයා දැනුම් දී තිබෙනවා.

කහවත්ත – කොටකෙතන ප්‍රදේශයේදී අදාළ මව සහ දියණිය ඝාතනය කර තිබුණේ 2012 වසරේ ජනවාරි මස 31 වනදායි.

Your Comments