කේරළ ගංජා කිලෝ 18ක් අල්ලයි

10

බොදා හැරිම සඳහා සූදානම් කොට තිබු කේරළ ගංජා කිලෝ 18ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ චාවකච්චේරි සුරාබදු නිලධාරින් විසින්.

සැකකරුවන් ත්‍රිකුණාමළය හා චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක් වන අතර ඔවුන් චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ලද තොරතුරක් මත යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ කළ වැටලීමේදි නිලධාරීන්ගේ භාරයට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30 ඉක්මවන බවයි නිලධාරීන් පවසන්නේ.

 

Your Comments