කේරල ගංජා සමග තිදෙනෙකු අත්අඩංගුවට

7

පුත්තලම, මුන්දලම ප්‍රදේශයේ කළ වැටලීමකින් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 170 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා පොලිස් විශේෂ බලකායේ පුත්තලම කඳවුරේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් කළ මෙහෙයුමකින්.
නාවික හමුදාව ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව අද අලුයම වැටලීම සිදු කලා.
එහිදී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් පාලවිය ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක් කර ඇති අතර බස් රථයේ ව්‍යාජ ලෙස සකස් කල පතුලක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ ගංජා තොගය සොයාගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ.

Your Comments