කෙසෙල්ගමුඔය පිටාර ගලයි – නිවාස 25ක් යට වෙයි [PHOTOs]

11

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් නොර්වුඩ් ප්‍රදේශයේ කෙසෙල්ගමුඔය අසල පහත්බිමවල පිහිටි නිවාස 25කට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා.

ඊයේ (30) රාත්‍රි 11 ට පමණ කෙසෙල්ගමුඔය අසල පිහිටි නිවාසවලට අඩි තුනක් පමණ කෙසෙල්ගමුඔයේ ජලය කාන්දු වු බවත්, පැය තුනකට පමණ පසු නිවාස වලට කාන්දු වු ජලය බැස ගිය බවත් පදිංචිකරුවන් කියා සිටියා.

එම නිවැසියන් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා.

ගංවතුර පිටාර ගැලිමත් සමග පවුල් 30කට අයත් සමාජිකයන් 125 දෙනෙකු පමණ අවතැන්ව ඇති බවයි වාර්තා වූයේ.

නිවාසවලට ජලය ගැලීම නිසා සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.

කෙසෙල්ගමුඔය ආරම්භ වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයට ඊයේ (30) පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුයේ ජල මට්ටම ඉහළගියා.

කෙසෙල්ගමුඔය පිටාර ගැලිම වලකාලිමට පසුගිය දා අපදා කලමණාකරණ ඒකකය මගින් විශාල මුදලක් වැය කර කෙසෙල්ගමුඔය පුළුල් කළ ද ඉන්පලක් වි නොමැති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල යාමත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටමද සිඝ්‍රයෙන් ඉහල යමින් පවතිනවා.

අපදා තත්වයෙන් අවතැන්වූවන්ට අවශ්‍යය පහසුකම් සැලසිමට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය සහ නුවරඑලිය ආපදා කලමණාකරන ඒකකය කටයුතු කර ඇති බවයි NEWS24 වාර්තාකරු පවසන්නේ.
(හැටන් – රංජිත් රාජපක්ෂ)

Your Comments