කෘමි ගහණය ශීඝ්‍රයෙන් පහතට – ලොව පුරා දැඩි පළිබෝධ අවදානමක්

26

කෘමි ගහණය ශීඝ්‍රයෙන් පහතවැටීම හමුවේ ලොව පුරා දැඩි පළිබෝධ උවදුරකට ලක්වීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි විද්‍යාඥයන් අනතුරු අඟවනවා.

නවතම වාර්තාවක් අනාවරණය කළේ, ලොව පුරා කෘමි විශේෂවලින් 40%කම ගහණය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවයි.

ඒ අනුව ක්ෂීරපායී සතුන්, කුරුල්ලන් හෝ උරගයන්ට සාපේක්ෂව මී මැස්සන්, කූඹින් සහ කුරුමිණියන්ගේ ගහණය පහතවැටීම අට ගුණයකින් වේගවත් බව ද සඳහන්.

කෙසේ වෙතත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඊට සාපේක්ෂව මැස්සන්, කැරපොත්තන් වැනි කෘමි වර්ග ගහණය ඉහළයමින් පවතින බවයි.

මෙලෙස කෘමි ගහණය පහත වැටීමට දේශගුණ විපර්යාසය පමණ ඉක්මවා කෘෂිකාර්මික කටයුතුවල නිරතවීම සහ පළිබෝධ හේතුවන බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

කුරුල්ලන්, වවුලන් සහ කුඩා ක්ෂීරපායීන්ට ආහාර සපයන්නේ කෘමීන් වන අතර ලොව පුරා අස්වනුවලිනන් 75% ක්ම පරාගනය කර පස සාරවත් කරමින් පළිබෝධ පාලනය කරන්නේ ද කෘමීන් විසින්.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙලෙස කෘමි ගහණය පහතවැටීම ඉතා අවදානම් තත්ත්වයක් බවයි.

Your Comments