කුසල් මෙන්ඩිස් ගැන තීරණයකට ක්‍රිකට් විධායක කමිටුව රැස්වෙයි

36

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂනයක් සිදු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
අදාළ යෝජනාව අද පැවැත්වෙන ක්‍රිකට් කමිටුවට ඉදිරිපත් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.
කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා.
මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබාදීමට ද ඔහු පසුගියදා අධිකරණයේදී එකඟතාවය පළ කළා.

Your Comments