කුවේටයේදී හිංසනයට ලක්වූ කාන්තාවන් 46ක් දිවයිනට

21

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී, විවිධ හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද පෙරවරුවේ මෙරටට පැමිණියා.
ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන බවයි වාර්තා වන්නේ.
එම පිරිස ඔවුන් සේවය කළ නිවෙස්වල හිමියන්ගෙන් සිදු වන හිරිහැර හේතුවෙන් එම නිවෙස්වලින් පැන යමින් සිටියදී, එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මින් 13 දෙනෙකු කුවේටයේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වනවා.
සෙසු 33 දෙනා, කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ‘සුරක්ෂා’ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි අය බව සඳහන්.
ඔවුන් විසින්ම ලබා ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර මඟින් සහ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙම ගෘහ සේවිකාවන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබු බවයි NEWS24 ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

Your Comments