කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම යළි වසා දැමෙයි

32

කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය සඳහා පාගමනින් පැමිනෙන බැතිමතුන් වෙනුවෙන් විවෘත කර තිබූ කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම යළි වසා දමා තිබෙනවා.

වනජීවි සංරක්ෂණ දේපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට වනෝද්‍යානය මෙලෙස වසා දැමූ බවයි.

පසුගිය 04 වනදා ඔකද දේවාලය වැදපුදා ගැනීමෙන් අනතුරුව කතරගම පාද චාරිකාවේ පැමිණි මුල් කණ්ඩායම කුමන ජාතික වනෝද්‍යානය තුලට ඇතුළු වුණා.

ඊයේ පස්වරුව වනවිට විවධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් 30,000කට අධික පිරිසක් ‘කුමන’ ජාතික වනෝද්‍යාන පිවිසුමෙන් ඇතුළු වී කතරගම පාද චාරිකාවට එක් වී ඇති බවයි වාර්තා වුණේ.

Your Comments