කුඩු රොෂාන් ඇතුලු‍ 13 දෙනා යළි රිමාන්ඩ්

7

අත්අඩංගුවට ගෙන සිටින කුඩු රොෂාන් ඇතුලු‍ සැකකරුවන් 13දෙනෙකු ලබන 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී යි.

කොළඹ මාදම්පිටිය පොදුසුසාන භුමිය අසලදී ආනමාලු‍ රංග සහ මෙහොමඩ් ඉම්රාන් නැමති පාතාල කල්ලි සමාජිකයින් දෙදෙනා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරිමේ චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙනවා.

සැකකරුවන්ගේ හඳුනාගැනීමේ පෙරට්ටුවක් අද පැවැත්වීමට නියමිතව තිබුණ ද එය කල්දැමීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

Your Comments