‘කුඩු දිලීප’ වැල්ලම්පිටියේ දී අල්ලයි

10

මහපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන දිලීප් තරංග හෙට්ටිආරච්චි හෙවත් කුඩු දිලීප අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් වැල්ලම්පිටිය – නාගහමුල්ල ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදීයි.

එහිදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු වැල්ලම්පිටිය පොලීසියට භාරදී ඇති අතර, ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී වායු පිස්තෝලයක්, වානේ කඩු තුනක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Your Comments