කුඩා දරුවෙකුට බියර් පොවන වීඩියෝවේ සිටින පියා අනුරාධපුරයේ දී අත්අඩංගුවට

31

කුඩා දරුවෙකුට මත්පැන් පානය කරවන වීඩියෝ දර්ශනයේ සිටින සැකකාර පියා මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඔහු අනුරාධපුර – මීගලෑව – ගනන්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටයි හදුනාගෙන ඇත්තේ.

සමාජජාල මාධ්‍ය ඔස්සේ මේ දිනවල අදාළ වීඩියෝව සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳව සමාජය තුළ දැඩි අවධානය යොමු වුණා.

සැකකාර පියා දරුවාට මත්පැන් පානය කරවන්නේ තවත් පිරිසක් ද සමඟයි.

ඒ අනුව, ඊයේ දිනයේ දී සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

Your Comments