කිසිඳු තොරතුරක් නොලත් පුද්ගලයින් ගැන තොරතුරු ලබාදෙන්න
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යලයෙන් ඉල්ලීමක්

17

පිපිරීම් හේතුවෙන් මෙතෙක් කිසිඳු තොරතුරක් නොලත් පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය ඉල්ලීමක් කරනවා.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා පැවසුවේ ඒ සම්බන්ධ තොරතුරු කොළඹ 10 ප්‍රැන්සිස් පාරේ අංක 111 දරණ ස්ථානයේ පිහිටි අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත දැනුම්දිය යුතු බවයි.
ඒ සඳහා පවුලේ ළඟම ඥාතීන් පමණක් පැමිණිය යුතු බව ද අජිත් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.
මේ අතර පාස්කු ඉරිදා දිනයේ කතෝලික දේවස්ථාන සහ මෙරට ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක සිදු වු පිපිරිම් වලින් මිය ගිය පුද්ගලයින්ගේ පශ්වාත් මරණ පරික්ෂණ පැවැත්වීමෙන් පසුව ඥාතීන් වෙත භාරදීම අද සිදුකරන බව පොලිසිය පවසනවා.
කටාන – කටුවාපිටිය කතෝලික දේවස්ථානයේ සිදු වු පිපිරිමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කිහිපයක් ඊයේ පස්රුවේ දේවස්ථාන භුමියේ මිහිදන් කෙරුණා.
අද දිනයේත් එම දේහයන් පිළිබද අවසන් කටයුතු සිදු කෙරෙන අතර ඒ සදහා විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් සේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක එක් වුණා.
නැවත මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා සිදු වීමට ඉඩ නොතබන බවට ද ජනාධිපතිවරයා එහිදී සහතික වී තිබෙනවා.

Your Comments