කැකිරාවේදී ලක්ෂ 10ක මංකොල්ලයක්
අතුල බණ්ඩාර - අනුරාධපුර

15

මරදන්කඩවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයකු, කැකිරාව නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට යතුරු පැදියකින් රැගෙන යමින් සිටි රුපියල් 10,22,00,000 ක මුදලක් කොල්ලා කා ඇති බව පොලිසිය පවසනවා. අදාළ කොල්ලය කැකිරාව ඔළුකරඳ ප්‍රදේශයේදී මහමග හරස් කර යතුරු පැදිය නවතා සේවකයාගේ ගෙලට පිහියක් තබා මරණීය තර්ජනය කර සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මරදන්කඩවල පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ අදාළ කොල්ලය ඊයේ (02) සවස 3.10ට පමණ සිදුව ඇති බවයි.
අදාළ ඉන්ධන පිරවුම් හලේ වසර 10ක පමණ කාලයක සිට වැඩ පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරන සේවකයකු විසින් සුපුරුදු පරිදි ඉන්ධන පිරවුම් හලෙන් පසුගිය දින දෙක තුළ ලද දෛනික ආදායම බැංකු ගත කිරීමට A9 මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම කොල්ලය සිදුව තිබෙනවා. සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කළ හිස්වැසුම් පැළඳ අංක තහඩු ආවරණය කරන ලද කළු සහ රතු පැහැති යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙනො මාර්ගය හරස් කොට මුදල් කොල්ලකා තිබෙනවා. කොල්ලය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

Your Comments