කාන්තාවන් දෙදෙනෙක් කැස්බෑ මස් කිලෝ 25ක් සමග අත්අඩංගුවට

24

නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ දී කැස්බෑවන් මරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (12) මුර සංචාරයේ නිරතව සිටි වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් විසින්.

එහිදී සැකකාරියන් සතුව තිබූ කැස්බෑ මස් කිලෝ 25ක් සහ කැස්බෑ බිත්තර 211ක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

කාන්තාවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා ආනවිලුන්දාව, වනජීවී කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව පැවසුවේ.

මේ අතර පසුගිය 10 වන දා වංකාලේයිපාඩු ප්‍රදේශයේදී ද කැස්බෑ මස් කිලෝග්‍රෑම් 3ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට පත්වුණා.

Your Comments