කළු ගගේ පටුපාවුල ජල ගැලීම් තත්වය තවදුරටත්

14

රත්නපුරය, නුවරඑළිය සහ කළුතර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සඳහා මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට මෙලෙස අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මතුගම, පාලින්ද නුවර සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙලෙස නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර කළු ගඟේ – පුටුපාවුල ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එම ප්‍රදේශයේ ගඟ දෙපස ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, කළු ගඟේ – මිල්ලකන්ද ප්‍රදේශයේ පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වනවිට පහත බසිමින් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගංගා වල ජල මට්ටම මේ වනවිට සාමාන්‍ය තත්වයට පත්ව ඇති බවයි අපදා කලමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

කෙසේ වෙතත් නායයාමේ අවධානම පිලිබදව ජනතාව විමසිලිමත් විය යුතු බවද ඔහු සදහන් කලා.

මේ අතර දිවයින පුරා, විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු,මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

Your Comments