කළුතර දිස්ත්‍රික්කයෙන් තෙවැනි කොරෝනා ආසාදිතයාත් වාර්තා වෙයි

1647

කළුතර දිස්ත්‍රික්කයෙන් හමු වූ කොරෝනා ආසාදිත තෙවැනියාද වාර්තා වී තිබෙනවා. ඒ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් බවයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ.
මින් පෙරද බණ්ඩාරගමින් කොරෝනා ආසාදිතයකු වාර්තා වූවා. එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙක්ම වාර්තා වන්නේ බණ්ඩාරගම ප්‍රදේශයෙනි.
අද දිනයේ වාර්තා වූ තරුණිය පසුගිය දා පකිස්ථානයේ සිට මෙරටට පැමිණි අයෙක් බවත් මේ වන විට ඇයගේ මවද එම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා. එම කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ ඇය කළුතර නිරෝධායන මධ්‍යස්ථතානයක් වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.

 

Your Comments