කරන්නාගොඩට සිව් වන වරටත් සිතාසි

12

නියමිත දිනයට අධිකරණයේ පෙනී නොසිමීම හේතුවෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට අද සිව් වන වරටත් සිතාසි නිකුත් කළා.
ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.
2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියට අදාළවයි මෙලෙස සිතාසි නිකුත් කෙරුණේ.
ඒ අනුව විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මාර්ගයෙන් සිතාසියක් යොමුකරන ලෙස මහධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබුවා.

Your Comments