කප්පම් ලබාගැනීමට තැත්කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

24

කප්පම් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු දොඩංගොඩ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී ජීව අත්බෝම්බයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු එක් ලක්ෂ පනස් දහසක මුදලක් කප්පම් වශයෙන් තවත් පුද්ගලයෙකුගෙන් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් පනස් දහසක මුදලක් ලබාගැනීමට යාමේ දී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

35 හැවිරිදි සැකකරු පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එහු අද දින මතුගම මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments