කන්ජිපානිගේ තවත් ගෝලයෙකු අත්අඩංගුවට

33

ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජික කන්ජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු කොටහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

එම පුද්ගලයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ කඩුවක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර කන්ජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයන් කිහිපදෙනෙකු පසුගිය දින කිහිපයේ අත්අඩංගුවට පත්ව ඇති අතර කන්ජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු වන ආමර්වීදිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු ද පසුගිය 13 වනදා මාළිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

Your Comments