කථානායක අස්ගිරි මල්වතු මහ නා හිමිවරුන් බැහැ දකියි

3

කථානායක කරූ ජයසූරිය මහතා අද මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ නිකායන්හි මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
පළමුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු කථානායකවරයා, අනතුරුවයි අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේ.
පසුව කථානායක කරූ ජයසූරිය මහතා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ද බැහැදැකීම සඳහා පැමිණියා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරියටත් තමන් කථානායක ධුරයේ කටයුතු නිසි පරිදි කරන බවයි.

Your Comments