කතානායක සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර හමුව ඇරඹෙයි

23

කථානායක කරු ජයසූරිය මහතා සහ දේශපාලන පක්ෂවල නියෝජිතයින් අතර විශේෂ සාකච්ජාවක් දැන් පැවැත්වෙනවා.
පෙරවරු 11ට පමණ පාර්ලිමේන්තුවේදී මෙම සාකච්ඡාව ආරම්භ වු බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.
පවතින දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.
මේ අතර, කල් තැබුණු පාර්ලිමේන්තුව යළි කැදවන ලෙසට මැති ඇමතිවරුන් 129 දෙනෙකු ඉල්ලීම් කර තිබෙනවා.
නොවැම්බර් 5 වනදා පාර්ලිමේන්තුව කැදවීමට නියමිතව තිබූ අතර එය නොවැම්බර් මස 16 වන දා දක්වා කල් තැබීමටයි ජනාධිපතිවරයා පසුගියදා තීරණය කරනු ලැබුවේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසුවේ කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට මෙම හමුවේදී  කතානායනවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද පාර්ලිමේන්තුව කැදවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 

Your Comments