කතානායකය කරු ජයසූරිය ඉන්දීය විදේශ ඇමතිනිය හමුවෙයි

40

ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින කථානායක කරූ ජයසූරිය මහතා ඇතුලූ දූත පිරිස එරට විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් හමුවී තිබෙනවා.
ඊයේ සිදුවූ මෙම හමුවේදී ඉන්දීය විදේශ ඇමතිනිය සහ කථානායකවරයා අතර ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ සමබර රාජතාන්ත්‍රික ප්‍රතිපත්ති අගය කරන බවයි ඉන්දීය විදේශ ඇමතිනිය එහිදී පවසා ඇත්තේ.
ඉදිරියටත් මිත්‍රශීලී බවෙන් යුතුව ශ්‍රී ලංකාවට සහය වන බව ද සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කර තිබෙනවා.

Your Comments