කඩුවක් සහ පිහි 15 ක්  සමග අයෙක් අත්අඩංගුවට
පාලිත ආරියවංශ - බදුල්ල

33

අඹගස්දෝව ලද්දුම මූදනාව ගම්මානයේ කැලෑරොදක සඟවා තිබූ කඩුවක් සහ පිහියා 15ක්  ඊයේ (5) වනදා සවස  සොයාගත් බව  අඹගස්දෝව පොලිසිය පවසනවා.

පොලිසිය ලද තොරතුරක් මත කළ සෝදිසියකදි මෙම ආයුධ හමුවී ඇති අතර  මුස්ලිම් ජාතිකයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ආරක්ෂක අංශවල සිදුවන වැටලීම්වලට බියෙන් තම නිවසේ තිබූ මෙම අවි මල්ලක බහා ‍මෙම ස්ථානයේ සඟවා ඇති බව විමර්ශනවලදි අනාවරණය වී තිබෙනවා.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පො.ප.ආර්.එස්. රාජසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අඹගස්දෝව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments