කංජිපානී ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු කොලොන්නාවේ දී අල්ලයි

37

ඩුබායිහී දී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු කොලොන්නාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් ද වැටලීම සිදු කළ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසයේ නිළධාරීන් භාරයට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි අයෙක්.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අද අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments