කංජිපානී ඉම්රාන්ගේ අපරාධ ලැයිස්තුව

101

ඩුබායි සිට පිටුවහල් කෙරුණු කංජිපානී ඉම්රාන් රඳවා තබාගනිමින් කොළඹ අපරාධ කොට්ඨාසය දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලීසිය පවසනවා.

මේ, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා.

මේ, වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.

මොහොමඩ් නජීබ් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් කොළඹ 08 ශ්‍රී සුධර්ම මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ඩුබායි බලා පිටව ගොස් ඇත්තේ 2015 මාර්තු 28 වැනිදා. ඒ ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින්.

2016 ජනවාරි මස 26 වැනිදා ඩුබායි නේවාසික වීසා ලබාගෙන ඇත්තේ ජංගම දුරකථන ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින්.

ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම්, මිනී මැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධ ගණනාවක් මෙහෙවීම හේතුවෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකි.පසුගිය කාලයේ කොළඹ නගරයේ සිදුවූ වෙඩි තැබීම් ගණනාවකට ඔහු සම්බන්ධ බවට චෝදනා පවතී.

අපරාධ ලයිස්තුව 

2019 පෙබරවාරි 14 – කොටහේන මෛත‍්‍රී බෝධිරාජ මාවතේදී අනියම් බිරිඳ වූ ආශා ෆාරික් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියද ඩුබායි සිට මෙහෙයවා ඇත්තේ ද ඔහු විසින්ම බවට හෙළි වී ඇත.

2019 ජනවාරි 20 – ජින්තුපිටිය ප‍්‍රදේශයේදී ඇන්ටන් මයිකල් යන අය වෙඩි තබා ඝාතනයට තැත් කිරීම.

2019 ජනවාරි 01 – වෙරළබඩ ජම්පටාර් වීදියේදී කන්දන ආරච්චිගේ මැල්කම් පෙරේරා වෙඩි තබා ඝාතනයට තැත් කිරීම.

2018 දෙසැම්බර් 10 – මෝදරදී පුද්ගලයින් පිරිසකට වෙඩි තබා 6 දෙනෙකුට තුවාල සිදුකර ඝාතනයට තැත් කිරීම.

2018 නොවැම්බර් 7– ග‍්‍රෑන්ඩ්පාස් පරාක‍්‍රම පාරේදී එම්.ඒ නිප‍්‍රාස් නැමැත්තා වෙඩි තබා ඝාතනයට තැත් කිරීම.

2018 ඔක්තෝබර් 20 – මාළිගාවත්ත ජුම්මා මස්ජීඩ් පාරේදී මොහොමඩ් නිශාම්ඩීන් මොහොමඩ් අජ්මීන් නැමැත්තා වෙඩි තබා ඝාතනයට උත්සාහ කිරීම.

2018 සැප්තැම්බර් 12 – මාළිගාවත්ත ලක්සෙත මහල් නිවාස අසලදී අජ්මීර් නැමැත්තෙකු වෙඩි තබා ඝාතනයට තැත් කිරීම.

2018 අගෝස්තු 30 – මාළිගාවත්ත ජුම්මා හන්දියේදී මොහොමඩ් හමීඩ් අබ්දුල් රවුෆ් නැමැත්තා වෙඩි තබා ඝාතනයට තැත් කිරීම.

2018 පූලි 8 – වෙරළබඩ, ජම්පටා වීදියේදී සෙල්ලයියා සෙල්වරාජ් සහ එළිසබෙත් පෙරේරා යන දෙදෙනා වෙඩි තබා ඝාතනය.

2018 මාර්තු 27 – මාළිගාවත්ත, අලාම් ඉක්බාල් මාවතේදී තාවුල් හමීඩ් මොහොමඩ් නිප‍්‍රාස් නැමැත්තා වෙඩි තබා ඝාතනය.

2018 මාර්තු 19 – කොටහේන, ආමර් වීදිය, මැසෙන්ජර් මාවතේදී ඇන්ටනී රාජ් නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තවත් කාන්තාවකට තුවාල සිදුකිරීම.

2018 පෙබරවාරි 20 – බොරැල්ල කොටාපාරේදී ප‍්‍රසාද් කුමාර නොහොත් අසිත වෙඩි තබා ඝාතනයට තැත්කිරීම.

මෙම අපරාධ ඩුබායි සැඟවසිටිමින් මෙහෙයවූ බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඔහුට එරෙහිව විෂ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් නඩු කිහිපයකටම අධිකරණ මගින් වරෙන්තු නිකුත්ව තිබෙනවා.

Your Comments