කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට

87

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු මනුෂ්‍ය ඝාතන 03කට සහ පුද්ගලයින් 15 දෙනෙකු ඝාතනයට තැත් කිරීමේ සිද්ධීන්වලට මෙන්ම විෂ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවටයි මේ වන විට අණාවරණය වී ඇත්තේ.

ඊයේ පෙරවරුවේ ඩුබායි සිට මෙරටටට පැමිණි යානයකින් කංජිපානි ඉම්රාන් සමඟ පිටුවහල් කෙරුණු තවත් සැකකරුවන් තිදෙනෙකුද දිවයිනට පැමිණියා.

එහිදී ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් සිය භාරගයට ගනු ලැබුවා.

මේ අතර, ඩුබායිහි අත්අඩංගුවට ගැනුනු මෙරට ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ්, ගායක අමල් පෙරේරා ඇතුළු ශ්‍රී ලාංකිකයින් සියලු‍දෙනා ඉදිරියේදී පිටුවහල් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් මෙන්න

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුගේ ඡායාරූප පොලිස් මූලස්ථානය විසන් මාධ්‍යයට නිකුත් කළා.

මෙම පිරිස මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව සිටියා.

පාතාල නායකයෙකු බව පැවසෙන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාව හරහා මාලදිවයිනට යෑමට උත්සාහ කර ඇති බවටයි තොරතුරු අනාවරණය වූයේ

ඔහු ඇතුළු පිරිසක් 28 උදෑසන 6.20 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ LZ 547 දරණ යානයෙන් කටුනායකට පැමිණ තිබුණා.

මොහු මාලදිවයින වෙත යාමට ගුවන් තොටුපලේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.

පසුගිය පෙබරවාරි පස්වනදා ඩුබායි හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන්, මෙන්ම පාතාල නායකයින් කිහිපදෙනෙකුම එරට පොලිසියේ අත්අඩංගුවට පත්වුණා.

ඒ අතර ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශීල්පී රයන් වැන්රෝවන් ඇතුළු පිරිසක් වනවා.

ඩුබායි යෑමට පෙර මාකඳුරේ මධුෂ්ගේ උත්සව අවස්ථාවකට යන බවට තමන් මෙන්ම පියාද දැන සිටි බවට එරටින් පිටුවහල් කළ නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පවසා ඇති බවටයි ආරංචි මාර්ග පවසන්නේ.

එම ආරංචි තවදුරටත් පවසන්නේ නදීමාල් පෙරේරා ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ප්‍රවේශපත්‍රය ලබාදී ඇත්තේ ඩුබායිහි රැඳී සිටින මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳ බවටයි.

මාකඳුරේ මධූෂ් විසින් පවත්වනු ලැබූ බව පැවසුණු මත් සාදයකදී ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු තවත් 31 දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ පෙබරවාරි 05වනදා.

දින 50කට අධික කාලයක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවූ පිරිසගෙන් නදිමාල් පෙරේරා සහ පාතාල ක්‍රියාකාරීන් වන කංජිපානි ඉම්රාන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු පිටුවහල් කෙරුණා.

සෙසු පිරිස ද පිටුවහල් කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

පොලිස් මූලස්ථානය විසින් මාධ්‍යයට නිකුත් කළ සැකකරුවන් සිව් දෙනාගේ ඡයාරූප ..

Your Comments