කංජිපානි ඉම්රාන්ට තවදුරටත් රැදවුම් නියෝග

27

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, කොළඹ අපරාධ කොට්ඨාශයට අද තවදුරටත් අවසර ලබා දුන්නා.

ඒ, මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණීය මහතා හමුවට ඉදිිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන මස 04 වනදා යළිත් මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලෙසටයි.

Your Comments