කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

15

දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන මාකඳුරේ මධූෂ් සහ කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ ලන්තුවාහන්දි සංජීව පුෂ්ප කුමාර නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
අලුත්ගම අරුණළු ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ මොහු 36 හැවිරිදි වියේ පසුවන්නෙකු බව සඳහන්.

Your Comments