ඖෂධ සංස්ථවේ සභාපතිට එරෙහි චෝදනා විමර්ශනයට කමිටුවක්

10

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඞ් මහතා සිදු කළ බව කියන දූෂණ වංචා පිලිබදව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ ඔහු ඖෂධ ගෙන්වීමේදී හා බෙදා හැරීමේදී සිදුකර ඇති දූෂණ, වංචා, මූල්‍ය අවභාවිතයන් සහ හොර රහසේ විදේශ ගතවීමට උත්සාහ දැරීම පිළිබදව මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා පිළිබදව අවධානය යොමුකරමින්.
විෂය භාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මෙම කමිටුව පත් කර තිබෙනවා
ඒ අනුව පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු ඔහුට රටින් පිට වීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.
ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද, අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

Your Comments