ඒකාබද්ධයේ ජනරැළිය සම්පූර්ණයෙන් අසාර්ථකයි

59

ඒකාබද්ධ විපක්ෂය විසින් ක්‍රියාත්මක කළ ජනරැළිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළා.
හෙතෙම මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ රජය ජනතා බලයෙන් පෙරළන්න තරම් දැවැන්ත උද්ඝෝෂණයක් කරන්න තමයි අපේක්ෂා කළේ. හැබැයි පැමිණිය ප්‍රමාණය මැයි දිනයකට එන ගානටත් අඩු ජනගහනයක්. ගම්බද ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලනඥයන් ඕන දේකට යන්න ඉන්න ඒ සීමීත පිරිස මුදල් දීලා, අරක්කු දීලා, බත් දීලා කොළඹට ගෙන්නලා අරමුණක් නැතිව අතරමං කරලා. ඒකාබද්ධ විපක්ෂය ලැජ්ජාශීලි විදිහට අසාර්ථක වුණා. ආවේ කොළඹින් යන්නේ නෑ ආණ්ඩුව පෙරළලා කියලා.

Your Comments