එ.ජා. සාමසාධක රාජකාරි සඳහා යුද හමුදා වෛද්‍ය බලකායේ පිරිසක් අද සුඩානයට

33

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සදහා යුද හමුදා වෛද්‍ය බළකායේ නිලධාරීන් පිරිසක් අද සුඩානය බලා පිටත්ව ගියා.

දකුණු සුඩානයේ ආරම්භ කර ඇති දෙවන මට්ටමේ රෝහලේ හයවන අදියරේ රාජකාරි සදහායි මෙම නිලධාරීන් පිරිස පිටත්ව ගියේ.

නිලධාරීන් හා සෙසු නිලයන් 61 දෙනෙකු එම පිරිසට ඇතුළත් බව යුද හමුදා මූලස්ථානය සදහන් කළා.

ඔවුන් ඉතියෝපියානු ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් මෙසේ දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම පිරිස යුද හමුදා වෛද්‍ය බළකාය, සංඥා බළකාය, ඉංජිනේරු රෙජිමේන්තුව, යුද හමුදා සේවා බළකාය හා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට අයත්.

Your Comments