එළවලු මිල ගණන් යළිත් ඉහළට

34

දේශීය වෙළඳපොළේ ඉල්ලු‍මට සරිලන සැපයුමක් නොමැතිකම හේතුවෙන් එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා.

දිවයින පුරා පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට සිදු වු බවයි එළවළු වෙළඳුන් පැවසුවේ.

වැලිමඩ සහ වැල්ලවාය යන ප්‍රදේශවලින් පමණක් මේ වන විට දේශීය වෙළඳපොළට එළවළු ලබාදීම සිදු කෙරනවා.

ඒ අනුව, මාලු‍ මිරිස් කිලෝවක් රුපියල් 560 කට අලෙවි වන අතර, ලීක්ස් කිලොවක් අලෙවි වන්නේ රුපියල් 280 ක මිලකටයි.

ගෝවා කිලෝවක් රුපියල් 160 ක් වන අතර, බණ්ඩක්කා කිලෝවක් රුපියල් 120ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අමුමිරිස් කිලෝවක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 400ක මිලකටයි.

පවතින එළවළු මිල ගණන් හමුවේ මේ දිනවල පාරිභෝගිකයින් ඉතා සීමිත එළවළු ප්‍රමාණයක් මිලදී ගන්නා බව ද තොග වෙළෙඳුන් ප්‍රකාශ කළා.

Your Comments