එළඹෙන 20 දක්වා මුහුදු යාමෙන් වලකින්නැයි ඉල්ලීමක්

5

අද පස්වරු 5.30 සිට ලබන 20 වනදා අලුයම 5.30 තෙක් ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මන්නාරම සිට පුත්තලම , කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක ප්‍රජාවට මෙම අවධානම් නිවේදනය බල පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

අදාළ මුහුදු ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර දක්වා ඉහළ අගයකට සුළගේ වේගය වැඩිවීමේ අවධානමක් පවතිනවා.
ඒ අනුව මෙම මුහුදු ප්‍රදේශ ඉතා රලු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

Your Comments