එරාවුර්හිදී කාන්තාවක් ඝාතනය කෙරේ

16

එරාවුර්, මිරාකේනි පාර, අයියන්කේනි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ කාන්තාවක් ගෙල සිර කර ඝාතනය කර ඇති බවට එරාවුර් පොලිසියට තොරතුරු වාර්තා වූ බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 24ක් පමණ වූ මිරාකේනි පාර අයියන්කේනි, එරාවූර් ලිපිනයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනයට ලක්වූ කාන්තාව ඇයගේ සැමියා සමග පදිංචිව සිට ඇති අතර දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ 27 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂනය සඳහා එරාවුර් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එරාවුර් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

 

Your Comments