එමිල් රංජන් 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

18

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු බන්ධනාගාර කොමසාරිවරයෙකු වන එමිල් රංජන් ළමාහේවා ලබන 16 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන තිබෙනවා. හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි. අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද(02) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දන්වා ඇති බවයි නිව්ස්24 අධිකරණ වාර්තාකරු කියා සිටියේ.


Your Comments