එජාප මන්ත්‍රී ශාන්ත අබේසේකරට ඇප

7

ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ 2004 වසරේ මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී නිති විරෝධි ගිනි අවියක් පොලිස් භාරයට ගැනීමේ සිද්ධියට අදාළ නඩුව හලාවත මහ අධිකරණ විනිසුරු ජගත් ඒ කහදගම මහතා හමුවේ අද සලකා බැලිමෙන් අනතුරුවයි.
මන්ත්‍රීවරයාට මෙලෙස ඇප නියම වුයේ මාස 03කට ආසන්න කාලයකින් අනතුරුවයි.

Your Comments