එජාප මන්ත්‍රී ශාන්ත අබේසේකර යළි රිමාන්ඩ්

3

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා ලබන ජනවාරි මස 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, 2004 වසරේ මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී නීතිවිරෝධී ගිනි අවියක් පොලිස් භාරයට ගැනීමේ සිද්ධියට අදාළ නඩුව හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදියි.
සැකකාර මන්ත්‍රීවරයාට ඇප ලබාදීමේදී සෑම ඉරුදිනකම හලාවත පොලීසියේ පෙනී සිටින ලෙසට පැවති ඇප කොන්දේසිය මන්ත්‍රීවරයා අවස්ථා දෙකකදී කඩකර ඇති බවයි පොලිසිය මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කළේ.

Your Comments